ඩුබායි නුවර උද්‍යාන-සංචාරක හෝටල් විවෘත කරයි


කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු ඩුබායි නුවර උද්‍යානසංචාරක හෝටල්පෞද්ගලික වෙරළ තීර විවෘත කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කරයි.

 
ඩුබායි යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරික සහ සංචාරක කේන්ද්‍රස්ථානය යි. ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ඩුබායි නුවර උද්‍යාන, සංචාරක හෝටල් සියල්ල වසා දැමිණි

වයිරසයේ අවදානම අඩු වීමත් සමඟ උද්‍යාන, සංචාරක හෝටල්, පෞද්ගලික වෙරළ තීර විවෘත කිරීම සඳහා අවසර දීමට පරිපාලනය තීරණය කර ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
 
වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීම කෙරෙහි පරිපාලනයේ අවධානය යොමු වී ඇත.
 
ඩුබායි යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාකීර්ණම පාලන ප්‍රදේශයයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය පාලන ප්‍රදේශ හතකින් සමන්විතය.
 
වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩුබායි නුවරට දවස පුරා ඇඳි නීතිය පනවා තිබිණි. අප්‍රේල් 24 වැනිදා සිට එය රාත්‍රියට පැය අටක් දක්වා අඩු කළේය. සීමිත පිරිසක් සඳහා අවහන්හල් සහ සාප්පු සංකීර්ණ විවෘත කිරීමට ද අවසර දෙන ලදි.

පොදු උද්‍යාන මේ වනවිට විවෘත කර ඇති අතර එක් ජන කණ්ඩායමක සිටිය හැක්කේ පස්දෙනකුට පමණි. ඒ අනුව මහජන ඒකරාශී වීම් පස්දෙනකුට සීමා කර ඇත. හෝටල් අමුත්තන් සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු වෙරළ තීරවලදී ද එසේ සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතුය
 
ඩුබායි නුවර ට්‍රෑම් සහ බෝට්ටු සේව විවෘත කළ ද එක් අවස්ථාවක එහි සිටිය හැක්කේ පස් දෙනකුට පමණි.
 
මුස්ලිම් දේවස්ථාන, සිනමාශාලා, පොදු වෙරළ තීර සහ රාත්‍රී සමාජ ශාලා තවමත් වසා දමා ඇත.
 
අල්ජසීරා
055